27.3 C
Galle

රොනී සමුගනී

Published:

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් අද (27) අභාවප්‍රාප්ත වූයේ ය. 1978 ජේ.ආර්.ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හෙතෙම 11 වතාවක් අයවැය ඉදිරිපත් කළේය.

වරින් වර පක්ෂ මාරු කිරීම හේතුවෙන් ‍”රොනී පනී” යන්න මෙරට පුවත්පත් වල ප්‍රසිද්ධ ශීර්ෂ පාඨයක්  විය. වරක් රොනී අයවැය ඉදිරිපත් කිරීම දවස පුවත්පත වාර්තා කර තිබුනේ “හිල් මැකූ අයවැයක්” යනුවෙනි. එවැනි ශීර්ෂපාඨ අදටත් පුවත්පත් කලාවේ විවිධ අවස්ථාවල දී උදාහරණයට ගනී.

දේශපාලන පොර පිටියේ කාලයක් පුවත් මවන්නකුව සිටි රොනී ද මෙල් මියයන විට 99 වැනි වියේ පසුවූයේය.

Related articles

spot_img
error: Content is protected !!