27.2 C
Galle

සාමාන්‍ය පෙළ විෂයන් හතකට අඩු කරනවා

Published:

සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට පවතින විෂයයන් සංඛ්‍යාව විෂයයන් හතක් දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දේශීය කර්මාන්ත සහ පාරිසරික දැනුම ඇගයීමට ඉතිරි විෂයයන් තුන වෙන්කරන බවයි.

දරුවන්ගේ මනාප සහ කුසලතා පෙන්වන විෂය ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් 3,37,000ක් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණ පුහුණුව සහ මාර්ගෝපදේශනය ලබාදීමට කටයුතු යොදා ඇත.

මාර්තු 5 වැනිදා සිට දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී මෙම පුහුණු වැඩසටහන පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!