29.4 C
Galle

මාරක දුම්රිය අනතුර සිදුවුණේ රියදුරන් ක්‍රිකට් නැරඹූ නිසා

Published:

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි මාරක දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදී දුම්රියේ රියදුරන් දෙදෙනා දුරකථනයෙන් ක්‍රිකට් තරඟයක් නරඹමින් සිට ඇති බව තහවුරු වී තිබේ. මෙම අනතුරින් 14 දෙනකු මියගිය අතර බොහෝ පිරිසක් තුවාල ලැබූහ.

අනතුර සිදුවූ දිනයේ ඒක්දින ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ ඒංගලන්තය අතර තරඟය පැවැතිවිණ. දුම්රිය දෙකක් ඒකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

ක්‍රිකට් තරඟය නරඹන අතරතුර රියදුරාගේ සහ සහායක රියදුරාගේ අවධානය වෙනතක යොමුවීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් පවසයි.

ඉන්දියාවේ මිලියන ගනනක් ක්‍රිකට් ලෝලීන් මෙම තරඟයේ සජීවී විකාශය නැරඹූ අතර සත්කාරක ඉන්දියාව තරඟය ජය ගත්තේය.

https://www.theguardian.com/world/2024/mar/04/indian-train-drivers-in-crash-that-killed-14-were-watching-cricket-minister-says

Related articles

spot_img
error: Content is protected !!