30.1 C
Galle

රිය අනතුරකින් තරුණයින් තිදෙනකු මරුට

Published:

අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී අද(09) අලුයම වේගයෙන් පැමිණි කැබ් රථයකට යටවීමෙන් තරුණයින් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මිහින්තලය පොලීසිය පවසයි.

මිය ගිය අය සංගීත සංදර්ශනයක් අවසන් වී නිවස බලා යමින් සිටියදී රඹෑව සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත.

අනතුරෙන් පසු කැබ් රථ රියදුරු පලාගොස් ඇති අතර තුවාලකරුවන් රඹෑව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

වයස අවුරුදු 14, 16 සහ 21 වයසේ, රඹෑව සහ තඹලගොල්ලෑවේ පදිංචි තරුණයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!