30.1 C
Galle

පාසල් ක්‍රීඩා උළෙලේ දී සිසුවකු මරුට

Published:

මැරතන් ධාවන තරඟයකට සහභාගී වූ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුර වී මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ තිරුක්කොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අද(11) පැවති මැරතන් ධාවන තරඟය අතරතුර මෙය සිදුවී තිබේ.

මැරතන් තරගය අතරතුරදී හදිසියේම අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

රෝගී වූ සිසුවාට ප්‍රථිකාර නොකල බවට චෝදනා කරමින් තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට සිසුන් සහ ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක යෙදුනු බවද සඳහන් වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ඒම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!