29.4 C
Galle

නිරුවතින් ඔස්කාර් වේදිකාවට නැගුණු ජෝන් සීනා

Published:

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි පැවති ඹස්කාර් සම්මාන උළෙල අතරතුර ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් ‌සහ රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාව වෙත පැමිණියේය.

සම්මාන උළෙල අතරතුර හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමට ජෝන් සීනා මෙලෙස පැමිණ තිබේ. ප්‍රේක්ෂකාගාරය අත්පොළසන් දෙමින් සිනා නගද්දී ජයග්‍රාහකයන්ගේ නම් ඇතුලත් තරමක් විශාල ලියුම් කවරයෙන් සිය ඉදිරිපස ප්‍රදේශය වසාගෙන වේදිකාවට පැමිණි රෙස්ලිං ක්‍රීඩකයා පවසා සිටියේ, “ඇඳුම් පැළඳුම්, ඒවා ඉතා වැදගත්. සමහර විට එතන තියෙන වැදගත්ම දේ වෙන්න පුළුවන්,” යනුවෙනි.

පසුව නිවේදක ජිම් කිමෙල් සීනාව තිරරෙද්දකින් ආවරණය කළ අතර ඔවුන්, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා ඔස්කාර් සම්මානලාභියා ලෙස “Poor Things” චිත්‍රපටයේ හොලි වැඩින්ටන්ගේ නම ප්‍රකාශයට පත් කළේය.

https://edition.cnn.com/2024/03/10/entertainment/john-cena-oscars-2024/index.html

Related articles

spot_img
error: Content is protected !!