30.2 C
Galle

බෙහෙත් පෙත්තක් හිරවී දැරියක් මරුට

Published:

බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී ඇති බවය.

මිත්තනියක විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් උගුරේ හිරවීමෙන් දැරියක මියගොස් ඇත. බෙහෙත් පෙත්ත හිරවීමෙන් පසු සිහිසුන්ව මහියංගණය රෝහලට ඇතුළත් කර පසුව  පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

උණ රෝගී තත්වයෙන් පෙළීම හේතුවෙන් මෙම දැරියට ලබාදුන් බෙහෙත් පෙත්තක් එලෙස උගුරේ හිර වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති දැරියකි. 

මව විදේශගත වීම නිසා ඇය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා සමඟ නිවසේ ජීවත්වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!