30.2 C
Galle

මහාධිකරණය වෙනුවට SPA ගිය පොලිස් සැරයන්

Published:

පොලිස් නිලධාරියකුට හිමි අංක 01 නිල ඇඳුමින් සැරසී සිය රාජකාරෙී සඳහා මහාධිකරණයට යන අතරවාරයේදී  සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය දොම්පේ පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකු යක්කල පොලිස්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය පවසන්නේ එම නිලධාරියාගේ නිල ඇඳුම පොලිස් බාරයට ගෙන ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු මුදාහැරි බවයි.

සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා  යොමු කිරීමට කටයුතු කර ඇත.

සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා  පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව  නිලධාරීන් කණ්ඩායමක්  එම ස්ථානය වෙත යවා එහි රැඳී  සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!