30.2 C
Galle

මධ්‍යම අධිවේගයේ අළුත්වැඩියාවක් ගැන දැනුම්දීමක්

Published:

අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද(14) සිට දින 14ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දෙසට කිලෝමීටර් 56.9 සිට 57.4 දක්වා එක් මන්තීරුවක් පමණක් භාවිතා කිරීමට සිදුවන බව කුරුණෑගල අධිවේගී මාර්ග අනුපාලක ස්ථානය පවසයි.

ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා විශේෂ මාර්ග සැලසුම් සකස් කර ඇති අතර මීරිගම සිට කුරුණෑගල දෙසට ගමන් ගන්නා රියදුරන්ට කිලෝමීටර් 56.2 කණුවට පෙර හදිසි පිටවීමේ දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දෙසට දිවෙන දකුණු මං තීරුවට පැමිණ ඉදිරියට ගමන් කර කිලෝමීටර් 57.4 පසුගර යනවිට ඇති හඳිසි දොරටුවෙන් නැවත නියමිත මංතීරුවට පැමිණ කුරුණෑගල දෙසට ගමන් කිරීමට අවස්ථාව සලසා ඇත.

මෙම කාලසීමාව තුළ කුරුණෑගල සිට මීරිගම දක්වා ධාවනය වන රථ වාහන ඉහත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන කොටසේදී එක් මංතීරුවක් පමණක් භාවිතා කිරීමට අවස්ථාව සලසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!