30.2 C
Galle

කෙහෙළිය නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

Published:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනකු නඩුව අවසන්වනතුරු රිමාන්ඩ් කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (14) නියෝග කළාය.

ඇය මෙම නියෝගය කළේ එම සැකකරුවන්ගේ ඇප අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරමිනි.

සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් මහජන කැළඹීමක් ඇතිවීමට හැකියාවක් ඇතැයි ඇය අවධාරණය කළාය. එමෙන් ම සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලිඛිත සහ වාචික සාක්ෂි හෙළි වී ඇති බව සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයේ සඳහන් වේ. 

අධිකරණය මඟහැර සිටින සැකකරු සහ ඇප නියම කළ සැකකරු හැර නඩුවේ සැකකරුවන් 09 දෙනා ලබන 28 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද නියම කළාය.

Related articles

spot_img
error: Content is protected !!