27.8 C
Galle

අලි ප්‍රහාරයකින් විදේශිකයෙකු මරුට

Published:

පොතුවිල්, මානච්චේන, කෝමාරිය ප්‍රදේශයේදී වල් අලියෙකුගේ ප්‍රහාරයට ලක්වූ විදෙස් සංචාරකයෙකු මියගොස් තිබේ. අලියා විසින් පෑගීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස්ය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඉතාලි ජාතික ජින්චිනෝ පවුලෝ (50) තවත් ඉතාලි ජාතික සංචාරකයකු සමඟ යතුරුපැදිවල නැගී කොමාරිය ප්‍රදේශයේ ගමන්කරමින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

1990 ගිලන්රථ සේවය මගින් තුවාලකරුවන් පොතුවිල් මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුව ජින්චිනෝ පවුලෝ මිය ගොස් ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර මහ රෝහලට යවා ඇත. 

Related articles

spot_img
error: Content is protected !!