29.4 C
Galle

වීසා නැතිව මැලේසියාවේ සිටි 158ක් අත්අඩංගුවට

Published:

වීසා නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු 158 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කරන මහල් නිවාස සංකීර්ණයක සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී විදේශ රටවල සිට පැමිණි 358 දෙනකු පරීක්ෂා කර ඇති අතර ඉන් පුද්ගලයන් 158 දෙනකු සතුව වලංගු වීසා බලපත්‍ර තිබී නැත.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් 03දෙනෙකු සිටි බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල පුද්ගලයින් සිටින බව සඳහන්ය. ඔවුන් වැඩි දෙනකු සංචාරක වීසා රැගෙන මැලේසියාවට පැමිණ  මහල් නිවාසවල රැඳී සිටිමින් විවිධ රැකියාවල නිරතව සිට ඇත.

Related articles

spot_img
error: Content is protected !!