29.4 C
Galle

උණුසුම වැඩිවෙයි, නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු

Published:

දැඩි උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන්න යැයි සියලු විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත පවසයි.

පාසල් රැසක් උෂ්ණාධික කාලගුණික තත්වයක් තිබිය දී නිවාසාන්තර ක්‍රීඩා තරඟසංවිධානය කර ඇති බවත්, පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් ක්‍රීඩා තරඟ කල් දැමීමට හැකි බව අමාත්‍යවරයා කීවේය.

මේ අතර අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වයඹ, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර යන පළාත්වල මෙන්ම මොණරාගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!