26 C
Galle

14 හැවිරිදි දැරියකට, 13 දෙනකු අතවර කරලා

Published:

අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක දී 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්  අපයෝජනයට ලක්කළ පුද්ගලයන් 13 දෙනකු අතරින් දෙදෙනකු ලබන 28 දින දක්වා රිමාන්ඩ් කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (18) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ බාබර් සාප්පුව හිමි කරණවෑමියා සහ තවත් අයෙකි.

පොලීසියට ලද තොරතුරකට අනුව දැරිය පොලිස් භාරයට ගෙන සිදුකළ මූලික පරීක්ෂණයේ දී එම දෙදෙනාට අමතරව තවත් 11 දෙනකු සම්බන්ධ තොරතුරු පොලිසියට දැරිය විසින් ලබා දී ඇත.

අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

Related articles

Recent articles

error: Content is protected !!