29.4 C
Galle

පාස්කු දේව මෙහෙයට ගිය 45ක් මරුට

Published:

පාස්කු බැතිමතුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස්රථයක් දකුණු අප්‍රිකාවේ, ලිම්පෝපෝ ප්‍රාන්තයේ මමට්ලක්කාලා කඳුකර මාර්ගයේ දී පෙරැළීමෙන් 45 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් බසයේ රියදුරා ද ජීවිතක්ෂයට පත්ව ඇත.

පෙරැළුණු බස් රථය ගිනිගෙන ඇත. හෙලිකොප්ටරයක් යොදා තුවාල කරුවන් සොයද්දී අට හැවිරිදි දැරියක් බරපතල තුවාල සහිතව දිවිගලවාගෙන සිටිය දී හමුවී ඇති බවත් ඇය රෝහල්ගත කර ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පාස්කු දේව මෙහෙයකට සහභාගී වීමට බැතිමතුන් සමඟ එම බස් රිය අසල්වැසි බොට්ස්වානා රාජ්‍යයේ ගබෝන් සිට පැමිණි බව දකුණු අප්‍රිකා රජය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!