28.9 C
Galle

අප්‍රේල් 15 සිදුවන දේ

Published:

අලුත් අවුරුදු සතියේ නිවාඩු දින 04ක් ම එක දිගට ඇති බැවින් අප්‍රේල් මස 15 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර නැතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත පවසයි.

අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීම් ලැබී ඇති බව ඔහු මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේය.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇති බව ඔහු සඳහන් කරයි. කෙසේවෙතත් අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

Related articles

spot_img
error: Content is protected !!