28.9 C
Galle

නීති විරෝධී ලෙස ලබාදුන් දැරියක මියගිහින්

Published:

නීති විරෝධී ලෙස මව සහ පියා ඇතුළු පිරිසක් විසින් සමීප ඥාතිවරියකට නීති විරෝධී ලෙස ලබාදුන් 04 හැවිරිදි දියණියක අභිරහස් ලෙස මියගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාළිගාවත්ත ලක්සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිටි මො‍හොමඩ් රිෆ්කාන් හායිසා නමැති දැරියකි.

ඇගේ මව සහ පියා විසින් ගිවිසුමක් මගින් එම දැරිය ඥාතිවරියකට ලබා දී ඇතැයි ද පොලිසිය කියයි. වසර 04ක් සහ මාස 07ක් වූ මෙම දැරිය සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස අතර දැරිය හදාවඩා ගැනීමට ගත් 45 හැවිරිදි කාන්තාවක්, ඇගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතා ද සිටින බව පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!