28.9 C
Galle

අද ඉර සැඟව යයි

Published:

පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) සිදුවන බව නාසා ආයතනය දැනුම් දෙයි.

ඇමෙරිකාාවේ ජනපද 15කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද මෙම පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකියි. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කිහිපයකට එය දැකගත හැකිවන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසිනි.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයාගේ ආලෝකය සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරන අවස්ථාවක දී ය.

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා ආයතනය දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!