29.4 C
Galle

ගැටඹ පන්සලට ඇතුළු වූ අයෙකුට පහර දී ඝාතනය කරලා. නායක හිමි අත්අඩංගුවට

Published:

මහනුවර විහාරස්ථානයක දී පුද්ගලයකුට පහර දී අත් පා ගැටගසා තිබිය දී එම පුද්ගලයා මියයාම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ ග්‍රාමාරක්ෂක භටයකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙය සිදුව ඇත්තේ ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ දී ය.

මියගොස් ඇත්තේ මැණික්හින්න පදිංචි චමිල සුධීර රත්නායක නමැති 43 හැවිරිදි හිටපු යුද හමුදා සෙබෙළෙකි.

ඔහු ඊයේ (07) අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටිය දී පන්සලේ සිටි පිරිසක් ඔහුගේ අත් පා ගැටගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය කර විහාරස්ථානයේ රථ ගාලේ බැඳ දමා ඇතැයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයාට අමානුෂික ලෙස පහර දී ඇති බවත්, ඔහුට කිසිදු ප්‍රතිකාරයක් ලබා දී නොති බූ බවත් පොලිසිය කියයි. මෙම මරණය සම්බන්ධ පොලිස් විමර්ශන සිදුකරන අතරතුර විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!