28.9 C
Galle

සිසුවාට පහරදුන්නා යැයි, ගුරවරයා අත්අඩංගුවට

Published:

වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉච්චන්කුලම් පොලිසිය කියයි.

එම සිසුව‍ා නිවසට පැමිණෙන විට මුහුණේ සහ හිසේ තිබූ තැලීම් පිළිබඳ දෙමාපියන් විමසීමේ දී අදාළ ගුරුවරයා පහරදුන් බව සිසුවා පවසා තිබේ. ඒ අනුව දෙමාපියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා ගුරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ සිසුවා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර ගුරවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!