28.9 C
Galle

ශ්‍රී ලකාවට හිරු මුදුන් වෙයි

Published:

ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලටත්, නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

එමෙන් ම අද (10) දව් 12.11ට තඹුත්තේගම, මැදිරිගිරිය, ඉහළ පුලියන්කුලම, රාජාංගනය, එප්පාවල, වාකරේ යන ප්‍රදේශවලට හිරු මුදුන්වන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

හෙට (11) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කරයි . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

Related articles

spot_img
error: Content is protected !!