30 C
Galle

හෙට වැසි දිනයක්

Published:

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයක මීලිමීටර 75 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

එම දෙපාර්තතමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

හෙට දින (14) දහවල් 12:10 ට නයිනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩයිතිව්, මනල්කාඩු සහ උඩුතුරෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!