28.9 C
Galle

අරාබිකරය යුද පිටියක් වෙයි

Published:

ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට ඊයේ (13) රාත්‍රී කෲස් මිසයිල සහ ඩ්‍රෝන යාත්‍රා පහාර කිහිපයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට පසුගිය අප්‍රේල් 01 වැනි දා එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විශ්වාස කෙරේ. අදාළ ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි හමුදා නිලධාරීන් 05 දෙනකු ඇතුළු පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බව වාර්තා වෙයි.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැඳවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!