30 C
Galle

ඉරාන ප්‍රහාරය ගැන ඇමෙරිකාවේ තීරණය

Published:

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජී 07 රටවල නායකයන් එක් වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. එම සාකච්ඡාව අද (14) පැවැත්වෙන බව වාර්තා වේ.

ඊශ්‍රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඉරානය විසින් ඊයේ (13) දිනයේ දී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබිණි. ඇමෙරිකාව විසින් ඉරාන ඩ්‍රෝන යාත්‍රා කිහිපයක් විනාශ කර ඇතැයි ද පැවසේ.

මෙම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැත.  

Related articles

spot_img
error: Content is protected !!