26.8 C
Galle

ඇමති චාමර සම්පත් ගිය රථය ගිනි ගනී

Published:

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්කරමින් සිටි රථය හදිසියේ ම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි.

අද (16) අලුයම 12.45ට පමණ මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේ දී ය. අමාත්‍යවරයා මහියංගණයේ සිට ඇල්ල ප්‍රදේශයට පැමිණෙමින් සිටියය දී මෙ‍ම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ මෙම ගිනිගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට කිසිදු හානියක් සිදුව නැති බවයි.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!