28.9 C
Galle

ශ්‍රී ලාංකිකයන් රැගත් නැවක් ඕමානයේ දී පෙරැළේ

Published:

මැදපෙරදිග ප්‍රදේශය බලපෑ දැඩි කුණාටු තත්වය හේතුවෙන් ඕමාන බොක්ක ආසන්න මුහුදේ පෙරැළී ගිය නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්ම මණ්ඩලයේ 21 දෙනකු ඉරානයේ ආපදා සේවා නිලධාරීන් සමත්ව ඇති බව එන්ඩීටී පුවත් සේවය වාර්තා කරයි.

කුක් දූපතේ ධජය යටතේ තෙල් රැගෙන යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව දකුණු ජස්ක් නගරයේ සිට කිලෝ මීටර 50ක් පමණ ඈතින් අනතුරට පත්ව ඇත. ජැස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ මොහොමඩ් අමීන් අමානි පවසා ඇත්තේ ගලවා ගැනීමේ යාත්‍රාවක් යොදාගෙන ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 21 දෙනා බේරාගත් බවයි. බේරාගත් පිරිස අතරින් 05 දෙනකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!