29.4 C
Galle

රතුපස්වල වෙඩි තැබීමේ නඩුවේ, තීන්දුවට දින දෙයි

Published:

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ නිරායුද ප්‍රදේශවාසීණ්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර තවත් 5 දෙනකුට තුවාල සිදුකළ බවට අධි චෝදනා ලබා සිටින යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වැනි දා ප්‍රකාශයට පත්කරන බව ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර දැනුම් දුන්නේය.

මෙම නඩුව සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ඒ සඳහා පත්කර ඇති විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

අද (30) අධිකරණයේ පෙනී සිටි විත්තිකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයාට සහ හමුදා සෙබළුන් තිදෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!