27 C
Galle

වතු කම්කරු වැටුප 1,700ක් කරන්න බෑ. වතු හිමියෝ කියති

Published:

වතු කම්කරුවන් සඳහා ලබාදෙන දෛනික වැටුප රුපියල් 1,700.00ක් දක්වා වැඩි කිරීමට නොහැකියැයි වතු හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ තේ කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීමට වැයවන ඉහළ පිරිවැය නිසා මෙය කළ නොහැකි බවයි.

රජය විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් කර නැතැයි ද, එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇතැයි ද එම සංගමයේ නිලධාරියකු කීවේය.

මේ පිළිබඳව තේ වතු සමාගම් වල නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් හෙට (02) දිනයේ කොළඹ දී පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700.00 කට වැඩිකර ඇති ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති අතඑ ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.

Related articles

spot_img
error: Content is protected !!