27 C
Galle

දියණියට හිරිහැර කළ පියා, රිමාන්ඩ්

Published:

තම දියණියට හිරිහැර කරමින් එය විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි බලංගොඩ අධිිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ බලංගොඩ පෙට්ටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

විදේශගතව සිටින තම බිරිඳ ගෙන්වාගැනීමේ අරමුණෙින් ඔහු මෙලෙස සිය දියණියට හිරිහැර කර එම දර්ශන සමාජ මාධ්‍යයට මුදාහැර ඇත.

බිරිඳ මීට මාස 09කට පෙර විදේශගතව ඇතැයි ද ඇය විදේශගත වෙද්දී  දියණිය රැකබලාගැනීමේ වගකීම සැමියාට සහ ඔහුගේ දෙමාපියන්ට පවරා තිබුණේ යැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

හිරිහැරවලට ලක් වූ දැරිය රෝහල්ගත කර ඇති අතර ඇය සුවවීමෙන් පසු පරිවාස භාරයට පත්කර මව ශ්‍රී ලංකාවට පැමිණි විට ඇයට භාරදීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!