28.9 C
Galle

ඉන්දියාව රත්වෙයි

Published:

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අද (29) දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 49.9ක් ලෙසිනි.

මිලියන 30 කට වැඩි ජනගහනයක් සිටින දිල්ලි නගරයේ ජනතාවට උෂ්ණත්වය ඉහළයාම සම්බන්ධ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන් වෙයි. එමෙන් ම ජල හිඟයක් ඇතිවනු ඇතැයි ද අනතුරු අඟවා ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන තාප තරංග තීව්‍ර වීම මෙම තත්වයට හේතුවී ඇති බවද විශේෂඥයෝ පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!