26.7 C
Galle

ප්‍රංශ ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැඳවයි

Published:

ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසිරුවාහැර ඇති අතර හදිසි මැතිවරණයක් කැඳවා තිබේ. යුරෝපීය පාර්ලිමේන්තු ඡන්දයෙන් මැරීන් ලී පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂයට පරාජය වීමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

විශේෂ මාධය හමුවක් කැඳවා ජාතිය අමතමින් ඒ බව දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියෙි ය.

ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි 30 වැනිදාත්, දෙවැනි වටය ජූලි 7 වැනිදාත් පැවැත්වෙනු ඇත.

මැක්‍රොන් යුරෝපා සංගමයේ මැතිවරනයේ අපේක්ෂකයෙකු නොවූ අතර ඔහුගේ ජනාධිපති ධුර කාලය තව වසර තුනක් පවතී. 

https://www.dailymirror.lk/international/French-President-dissolves-parliament-and-calls-a-snap-election/107-284474

Related articles

spot_img
error: Content is protected !!