26.7 C
Galle

ප්‍රංශයේ ගින්නකින් හත්දෙනකු මරුට

Published:

ප්‍රංශයේ නයිස් නගරයේ බ්‍රහස්පතින්දා අලුයම ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබේ. මියගිය හත්දෙනාට අමතරව තවත් 30 දෙනෙකු පමණ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වී ඇත.

පොලිසිය පැවසුවේ, එය ගිනි තැබීමක් බවට සාක්ෂි ලැබී ඇති හෙයින් ඒ සම්බන්දව නිලධාරීන් විමර්ශනය කරන බවයි.

නයිස් නගරයේ ගුවන් තොටුපළට ආසන්න මවුලින්ස් ප්‍රදේශයේ මහල් නිවාසයක ඉහළ මහල මෙලෙස ගිනි ගැනීමට ලක්විය.

ගින්න හටගෙන ඇත්තේ හත්වැනි මහලේය. ප්‍රාදේශීය වාර්තා සඳහන් කළේ මියගිය හත්දෙනා එකම පවුලේ සාමාජිකයන් වන අතර මිය ගිය දරුවන් අවුරුදු පහ, හත සහ 10 යන වයස්වල පසුවන්නන් බවයි. පුද්ගලයන් දෙදෙනෙකු ජනේලයකින් පැන යාමට උත්සාහ කළ බවත් ඉන් එක් අයෙකු මිය ගිය අතර අනෙකා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!