26.7 C
Galle

වත්මන් ජනාධිපති, මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

Published:

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් එම තීරණය ගත් බවත් ජනාධිපති අපෙක්ෂකත්වයට උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් හෙතෙම පවසා තිබේ.

ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි, ඩිමොක්‍රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.

ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!