26.7 C
Galle

පුපුරණ ද්‍රව්‍ය කම්හලක පිපිරීමෙන් අට දෙනකු මරුට

Published:

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිකුරාදා සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම කර්මාන්ත ශාලාව ඉන්දියාවේ මුල්‍ය අගනුවර වන මුම්බායි සිට කි.මී 830 (සැතපුම් 515) පමණ දුරින් ප්‍රාන්තයේ භන්දරා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

“භන්දාරා ප්‍රදේශයේ යුධෝපකරණ කම්හලේ විශාල පිපිරීමක් සිදුවී ඇත. මූලික තොරතුරුවලට අනුව පුද්ගලයින් අට දෙනෙකු මියගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇත” යනුවෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිට පැමිණි ෆෙඩරල් ප්‍රවාහන අමාත්‍ය නිතින් ගඩ්කාරි නාග්පූර් නගරයේ පැවති උත්සවයකදී පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!