28.2 C
Galle

ටික්ටොක් වීඩියෝවට එරෙහි වූ පියා දියණිය මරා දමයි

Published:

සිය තරුණ දියණියගේ ටික්ටොක් වීඩියෝ අනුමත නොකළ නිසා ඇයව මරා දැමූ පියෙකු සම්බන්ද පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වෙයි. පොලිසියට සිදුකළ පාපොච්චාරණයකදී පියා මේ බව පවසා තිබේ.

මොවුහු මෑත කාලයේදී ඇමරිකාවේ සිට පකිස්ථානයට පැමිණ තිබේ. පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේදී තම දියණිය හිරාට වෙඩි තැබූ බව අන්වර් උල් හක් පිළිගැනීමෙන් පසු ඔහුට මිනීමැරීම් චෝදනා එල්ල විය.

ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ මස්සිනා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 14ක් වන හීරා අන්වර්ගේ සිද්ධිය සම්බන්දයෙන් පොළිස් ප්‍රකාශකයෙකු පැවසුවේ “ඇයගේ ඇඳුම් ඇඳීම, ජීවන රටාව සහ සමාජ රැස්වීම් සම්බන්ධයෙන් ඇගේ පවුලේ අය විරෝධයක් දක්වා ඇති” බවයි.

පවුල වසර 25 ක් එක්සත් ජනපදයේ ජීවත් වූ අතර හීරා ඇගේ පවුල පාකිස්තානයට යාමට පෙර සිටම TikTok හි අන්තර්ගත පළ කිරීමට පටන් ගත්තාය.

ඇමරිකානු පුරවැසි පියා පවසා ඇත්තේ තම පවුලේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙම ඝාතනය සිදුකළ බවයි.

එය ඝාතනයක් බව ඔප්පු වී ඔවුන් වැරදිකරුවන් වුවහොත්, ඔවුන්ට අනිවාර්ය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙනු ඇත. 2016 වසරේදී පකිස්ථාන නීතිය වෙනස් වූ අතර ඊට පෙර, වින්දිතයාගේ පවුලේ අය විසින් සමාව දෙනු ලැබුවහොත් ඔවුන්ට සිර දඬුවමක් වළක්වා ගත හැකි විය.

Related articles

spot_img
error: Content is protected !!