29.4 C
Galle

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

Published:

රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවක් කැරිබියන් දූපත් ආසන්නයේ සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් ඒ අවට රටවල් කිහිපයකට ම සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහා මෙම සුනාමි අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එම භූමිකම්පාව හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් වීමට ඉඩක් නොමැත.

Related articles

spot_img
error: Content is protected !!