28.7 C
Galle

බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි

Published:

බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු අද (13) සවස ගාල්ල, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහංගම වළවගේ සිරිදත් ධම්මික නමැති 61 හැවිරිදි විශ්‍රාමික නිලධාරියෙකි.

ඔහු නිවසේ සිටි යදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් ඔහුට වෙඩි තබා පළාගොස් ඇතැයි අක්මීමණ පොලිසිය කියයි.

වෙඩි වැදුණු හිටපු බන්ධනාගාර නිලධාරියා එම ස්ථානයේ ම මියගොස් ඇත.

මෙම ඝාතනය සිදුකරන ලද පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. අක්මීමණ පොලිසිය වැඩිදුර පරීඛ්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!