30.5 C
Galle

ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට මළ සිරුරක්

Published:

ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මාර්ගයේ මියගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය පවසයි.


‍රෝහල් පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇති තැනැත්තා ගාල්ල ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව සිටි අයකු බවයි. හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිි ඔහු මෙම ස්ථානයට පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැත.


ඥාතීන් පැමිණි පසු ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!