28.1 C
Galle

සාගරිකා යළි පීලි පනියි

Published:

ඊයේ පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය යළි කොළඹ බලා රැගෙන එද්දී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී අද (25) පස්වරුවේ යළිත් පීලි පැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ඊයේ (24) උදෑසන සිදුවූ පීලි පැනීමෙන් පසු එම දුම්රිය පීලිගත කර යළි කොළඹ බලා ධාවනය කරවද්දී අද පස්වරු 06.20 ට පමණ මෙම දෙවන පීලි පැනීම සිදුව ඇත. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර, දැනට කොළඹ කොටුව සහ වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය වන්නේ එක් මාර්ගයක පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, පීලි පැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, අද රාත්‍රිය වන විට මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!