28.1 C
Galle

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

Published:

2025 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව, සුදුසුකම් ලැබූ සිසුන්ට අද සිට මැයි මස 19 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ සිය අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී. මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පාදක වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය මාර්තු මස 31 වැනිදා නිකුත් කෙරුණු අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැති මෙම විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 281,810ක් පෙනී සිටියහ.

විභාගයට පෙනී සිටි සිසුන් අතරින් පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් වූ අතර, ඔවුන් අතුරින් සිසුන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.

අයදුම්පත් යොමු කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරන ලෙස කොමිෂන් සභාව සිසුන්ට දන්වා සිටියි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධ වැඩිදුර තොරතුරු සහ උපදෙස් ඇතුළත් අත්පොත ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.

Related articles

spot_img
error: Content is protected !!