30.7 C
Galle

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට

Published:

හබරාදුව ප්‍රාදේශීය සභාව අසල පිහිටි ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (30) සවස සිදුවූ දුම්රිය අනතුරකින් පියෙකු සහ කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව හබරාදුව පොලිසිය පවසයි.

ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පියා, හබරාදුව පෙර පාසලේ සිටි සිය දරුවා කැඳවාගෙන යමින් සිටියදී ගාල්ලේ සිට මාතර දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථය ගැටී ඇත. දුම්රිය ත්‍රීරෝද රථයේ ගැටෙනවාත් සමඟම එහි සිටි කුඩා දරුවා රථයෙන් පිටතට විසිවී ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

බරපතල තුවාල ලැබූ පියා සහ පුතා වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ දරුවාගේ තත්ත්වය බරපතල බැවින් මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

error: Content is protected !!