27.5 C
Galle

‘වෙලේ සුදා’ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි

Published:

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ගොනු කර තිබූ අවසන් අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් ඔහුට කොළඹ මහාධිකරණය නියම කළ මරණ දඬුවම තහවුරු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වූ වෙලේ සුදාට 2015 ඔක්තෝබර් 14 වැනිදා කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඔහු ගොනු කළ අභියාචනය අභියාචනාධිකරණය විසින් ද ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, මහාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දු අවලංගු කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් අභියාචනයක් ගොනු කර තිබුණි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බවට තීරණය කරමින් එය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් වෙලේ සුදාට නියම කර තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!