28.1 C
Galle

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Published:

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන සිටින වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ යන අය එළඹෙන 30 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (16) නියෝග කළේය.

සැකකාර හිටපු සභාපතිවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් 8 වනදා අත්අඩංගුවට ගත් සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය. කෙසේ වෙතත්, අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ සැකකරු තවත් දූෂණ චෝදනාවක සැකකරුවෙකු ලෙස නම් කරන බවයි.

නව චෝදනාවට අනුව, ප්‍රාදේශීය සභාව විසින් අයිතිය තහවුරු කරගෙන නොමැති පෞද්ගලික ඉඩමක රුපියල් මිලියන 2.9ක වියදමින් වොලිබෝල් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම මඟින් ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

දැනට පවතින දූෂණ චෝදනාවට අමතරව මෙම නව සිද්ධිය සම්බන්ධයෙන්ද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Related articles

spot_img
error: Content is protected !!