27 C
Galle

දෙහිවල සිංහ පැටවුන් ළඟින්ම දැකබලා ගැනීමේ විශේෂ අවස්ථාව හෙටින් අවසන්

Published:

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අලුතින්ම එකතු වූ සිංහ පැටවුන් දෙදෙනාව ඉතා සමීපව දැකබලා ගැනීමට සත්ව ලෝලීන්ට සහ අමුත්තන්ට ලැබී ඇති විශේෂ අවස්ථාව හෙට (21 වැනිදා) ඉරිදායින් අවසන් වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සති කිහිපය පුරා මෙම කෙළිලොල් සිංහ පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමටත්, උන් සමඟ සමීප අත්දැකීමක් විඳගැනීමටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත ජනතාවක් දෙහිවල සත්වෝද්‍යානය වෙත පැමිණ සිටියහ.

කෙසේ වෙතත්, මෙම සතුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂිත හේතූන් මත ඔවුන්ව සමීපව ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබූ විශේෂ විධිවිධානයන් හෙට දිනෙන් පසු නතර කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

එබැවින්, මෙම නිවාඩු සති අන්තයේ සිංහ පැටවුන්ව ඉතා ආසන්නයෙන් දැකබලා ගැනීමට කැමැත්තක් දක්වන පවුල්වල සාමාජිකයින්ට සහ සත්ව ලෝලීන්ට, එම විශේෂ අවස්ථාව මඟහැර නොගෙන හෙට දිනය ඇතුළත සත්වෝද්‍යානය වෙත පැමිණෙන ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!