අද (23) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,531ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,563ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 02ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,256ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩිංස් සමාගම මිලියන 213
- එන් ඩී බී බැංකුව මිලියන 168
- හේලීස් එක්ස්පෝට් සමාගම මිලියන 96
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 11
- හේමාස් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 06
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බෝගල ග්‍රැෆයිට් සමාගම 08%
- හේලීස් එක්ස්පෝර්ට් සමාගම 06%
- බේරුවල රිසෝට් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 358
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 01ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 226ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 225ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ෆස්ට් කැපිටල් රුපියල් මිලියන 0.2
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේමාස් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 202
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 09
- සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



