අද (25) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 19,417ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,729ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 198ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,407ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලියන 197
- පික්මී සමාගම මිලියන 172
- සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගම මිලියන 151
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 4.9
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 04
- සිලෝන් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 3.1
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%
- සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගම 10%
- කාගො බෝට් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 431
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 363
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 54ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 104ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 50ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 20
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 19
- ටෝකියෝ සිමෙන්ට් එක්ස් සමාගම රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සියරා කේබල් සමාගම රුපියල් මිලියන 45
- එච් සෙනික් සමාගම රුපියල් මිලියන 17
- ලංකා ඇලුමීනියම් සමාගම රුපියල් මිලියන 11
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



