ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට ලබන 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින්ට එම පද්ධති තාවකාලිකව ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා දැනුම් දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම සූර්ය පැනල පද්ධති දින තුනක කාලයකට ක්‍රියා විරහිත කිරීම තුළින්, පසුගිය වෙසක් පොහෝ දිනයේදී ජාතික විදුලි පද්ධතියේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි වනු ඇති බවයි. ඒ අනුව පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර සඳහා සහාය දක්වන ලෙස රජය අදාළ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.



