තිරසාර සහ වඩාත් හරිතවත් අනාගතයක් උදෙසා මහජනතාවට සෘජුවම අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය හැකි වට්ස්ඇප් (WhatsApp) සේවාවක් පරිසර අමාත්‍යාංශය විසින් අද දින නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව 070 250 950 9 යන දුරකථන අංකය ඔස්සේ මහජනතාවට පරිසර අමාත්‍යාංශය වෙත සිය අදහස් සහ තොරතුරු සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවේ.
මෙම නව මුලපිරීම හරහා පුරවැසියන්ට තමන්ට අවශ්‍ය පාරිසරික තොරතුරු විමසීමට, පරිසර විනාශයන් සහ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට මෙන්ම විවිධ පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා දායක වීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
යොමු කරනු ලබන පාරිසරික ගැටලුවලට වඩාත් වේගවත් සහ නිවැරදි ප්‍රතිචාර දැක්වීම සඳහා ලේඛන, ඡායාරූප සහ නිල වාර්තා වැනි සාක්ෂි සහිතව ඉදිරිපත් කරන තොරතුරු වෙත අමාත්‍යාංශයේ විශේෂ ප්‍රමුඛතාවක් හිමිවන බව ද දන්වා සිටියි.
සන්නිවේදන මාර්ග සරල කිරීම මඟින් පරිසර ආරක්ෂණ ක්‍රියාවලිය සඳහා මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීමත්, පුරවැසියන් සහ බලධාරීන් අතර සම්බන්ධීකරණය වඩාත් කාර්යක්ෂම කිරීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.
තවද, මෙම පද්ධතිය හරහා පාරිසරික ගැටලු වාර්තා කිරීම සහ විවිධ යෝජනා ඉදිරිපත් කිරීම වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ (Messages) මඟින් පමණක් සිදුකරන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



