27.1 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (01) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,576ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,070ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 19ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,243ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 247
  • වින්ඩ් ෆෝස් සමාගම මිලියන 115
  • එලිෆන්ට් හවුස් සමාගම මිලියන 164

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 5.6
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 5.4
  • වින්ඩ් ෆෝස් සමාගම කොටස් මිලියන 2.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
  • හුන්නස් ෆෝල්ස් සමාගම 07%
  • ඩයලොග් ෆයිනෑන්ස් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 418
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 359
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 61ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 350ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 289ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ඩිස්ටලරීස් රුපියල් මිලියන 17
  • එච් එන් බී ඇෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 236
  • වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 64
  • කාර්ගිල්ස් බැංකුව රුපියල් මිලියන‍ 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!