අද (02) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,572ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,515ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 21ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,221ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් සමාගම මිලියන 695
- වින්ඩ් ෆෝස් සමාගම මිලියන 88
- ජෝන් කීල්ස් සමාගම මිලියන 45
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් සමාගම කොටස් මිලියන 21
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 2
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන්ස් ට්‍රස්ට් එක්ස් බැංකුව 07%
- ටෙස් ඇග්‍රො සමාගම 05%
- යූනියන් කෙමිස්ට් සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 422
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 359
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 343
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 12ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 786ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 774ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 02
- බෝගල ග්‍රැෆයිට් සමාගම රුපියල් මිලියන 01
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- හේමාස් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 684
- වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 77
- සිලෝන් ටුබැකෝ රුපියල් මිලියන 0ො8
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



